සෝමාලියාවේ කොරෝනා ඛේදවාචකය.

0
2380
- Advertisement -

කොරෝනා වෛරසය සෝමාලියාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වුවහොත්, ලොව කිසිදු රටක් මුහුණ නොදුන් ආකාරයේ ඛේදවාචකයට එරටට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

පසුගිය සදුදා, පළමු කොරෝනා ආසාදිතයා සෝමාලියාවෙන් හමු විය. ඔහු චීනයේ සිටි පැමිණි සෝමාලියානු ශිෂ්‍යයෙකි. මේ වන විට ඔහු නිරෝධායනයට ලක් කර සිටින බව සෝමාලියානු සෞඛ්‍ය සේවා අංශ සදහන් කරයි.

චිනය සහ ඉතාලිය වැනි සංවර්ධිත රටවල මිනිසුන් දහස් ගණනින් මෙම වෛරසය නිසා මිය ගියානම්, වෛරසය තම රට තුළ ව්‍යාප්ත වුවහොත්, සිදුවිය හැකි ඛේදවාචකයේ තරම හිතා ගැනීමටවත් නොහැකි බව, සෝමාලියානු වෛද්‍ය සභාවේ සභාපති වරයා පවසයි.

වෛරසය හදුනා ගැනීම සදහා අවශ්‍ය එකම එක පර්යේෂණ උපකරණයක් හෝ තම රට තුළ නැති බවත්, සැකසහිත රෝගීන්ගේ ඛේට හෝ සෙම් සාම්පල දකුණු අප‍්‍රිකාවට යවා, ප‍්‍රතිඵල එනතුරු දින තුනක් බලා සිටීමට තමන්ව සිදුව ඇති බව ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =