සොබාදහමට එරෙහි නොවන කෘෂිකාර්මික පිළිවෙත් අවශ්‍යයි. ජනාධිපතිතුමා ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවේදි පවසයි.

0
87
- Advertisement -

ජනාධිපතිවරයා ඣඡු 26 ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් අවධාරණය කළේ කෘෂිකර්මාන්තය සොබාදහමට එරෙහි නොවන ආකාරයෙන්
පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

මෙම සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදි මෙම සමුළුව පැවැත්විණි. තිරසාර සංවර්ධනය පිළිබඳව තම ප්‍රතිපත්තිය බව පැහැදිලි කළ ජනාධිපතිතුමා ලංකාව කාබනික පොහොර සඳහා යොමු කරන්නට මේ වනවිටත් සියලූ කටයුතු දියත් කර තිබේ.

මේ අනුව රසායනික පොහොර අවම කරමින් කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීම මේ වනවිට අරඹා තිබේ. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එම ක්‍රියාදාමය බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වුවද විවේචන හා ප්‍රතිවිරෝධි අදහස්ද පෙන්නුම් වන බවයි.

මෙහිදි ලංකාවේ කෘෂි කර්මාන්තයේ වත්මන් ස්වභාවය පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ රසායනික පොහොර අධික ලෙස භාවිතා කරන්නට පුරුදුව ඇති ගොවීන්ද මෙම තත්වයෙන් මිදෙන්නට අකමැත්තක් දැක්වීම අවාසනාවන්ත කරුණකි.

එසේ වුවද පරිසරය පිළිබඳ ප්‍රගතිශීලී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගීමේ ලා තම රජය කටයුතු කරන්නේ ඒ අභියෝගතා මධ්‍යයේය. මෙහිදි කොවිඞ් වසංගත තත්වයද ලංකාවට කළ අයහපත් බලපෑම ගැනද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේ වුවද මෙම අභියෝගය ජයගනිමින් ඉදිරි පරපුරට වඩාත් යහපත් පරිසරයක් නිර්මාණය කිරීම මෙමගින් කළ හැකිය.

ලංකාව ලෝකයේ පළමුවරට 100%ක්ම කාබනික පොහොරවලට යොමු වූ රට වශයෙන් ඉතිහාසයට එක්වන බව සම්මන්ත්‍රණයට පැමිණි විදේශීය නියෝජිතයන් හමුවේ පරිසර
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය. මෙම සමුළුවේදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහතාද අදහස් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =