සේවකයෙකු ලවා ගිනි අවි සැඟවීමට උත්සහ කළ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු වන මාම් බිස්කට් සමාගමේ හිමිකරුද අත්අඩංගුවට

0
1057
- Advertisement -
Share

සිය ආයතනයේ සේවකයෙකු ලවා ඔහුට අයත් ගිනි අවි කිහිපයක් සැඟවීමට උත්සහ කිරීමේදී මාම් බිස්කට් පුද්ගලික සමාගමේ හිමිකරු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එම ආයතනයේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරන සේවකයා පිස්ටලයක් හා වායු රයිෆල් දෙකක් රැගෙන යද්දි කටුගස්තොට පාලම අසළ ඇති ඝටිකාරාම පොලිස් මාර්ග බාධකය අසළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්ෂක නිළධාරියාගෙන් කළ ප්‍රශ්ණ කිරිම් වලදි පවසා ඇත්තේ තම ආයතනයේ ප්‍රධානියා මෙම අවි සැඟවීමට තමාට උපදෙස් ලබා දුන් බවයි

මේ වන විට සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් සිදුවන බව කටුගස්තොට පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − nine =