සේනාධිපතිට එරෙහිව නීතිපති නැගී සිටියි.

0
2874
- Advertisement -
Share

සේනාධිපතිට එරෙහිව – නීතිපති නැගී සිටියි.

ඇවන්ට්ගාඞ් සිදුවීම සම්බන්ධයෙන්, දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පැමිණිලි කිරීමේ හැකියාවක්, නිශ්ශංක සේනාධිපතිට නැති බව, නීතිපතිවරයා පවසා තිබේ.

මෙම කොමිසමේ හමුවේ පැමිණිලි ගොනු කිරීමට අවසර ඇත්තේ, දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයන්, සංස්ථා සේවකයන්, හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්ට පමණක් බව පැවසේ. නිශ්ශංක සේනාධිපති මේ කිසිදු ඛාණ්ඩයකට අයත් නොවේ.

නිශ්ශංක සේනාධිපතිගේ පැමිණිල්ලට අනුව, අද දිනයේ දී, කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරියෙකුට ද සිතාසි නිකුත් කර තිබුණි.

එම නිළධාරියා, මීට පෙර දී, ඇවන්ට්ගාඞ් නඩුවේ දී නිශ්ශංක සේනාධිපතිට එරෙහිව රජය වෙනුවෙන් පෙනී සිට ඇති අයෙකි. අපරාධ නඩු මෙහෙයවන නීතිපති ගේ නියෝජිතයන් කොමිසම හමුවට කැදවීමේ බලයක්, එම කොමිසමට නැති බවද නීතිපති දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =