සුවවිරුවන්ට මුල දී තිබ්බ සැලකිළි දැන් නෑ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රවාහනයට ලබා දී තිබුණු බස් රථත් නවතී.

0
830
- Advertisement -

කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්තවීම ආරම්භ වීමත් සමග, සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සදහා ලංගම බස් රථ යොදා ගනිමින් නොමිලයේ ප‍්‍රවාහන සේවයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී තිබුණි. නමුත් මේ වන විට, නොමිලයේ ලබා දුන් එම ප‍්‍රවාහන සේවාව, රෝහල් බොහෝ ප‍්‍රමාණයක අත් හිටුවා ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී, ගම්පහ මහරෝහලේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය කිරීම සදහා යොදවා තිබුණු ලංගම බස් රථ ධාවනය අත්හිටුවා තිබේ. එයට හේතුව වී ඇත්තේ, අදාල බස් රථ සදහා ගෙවිය යුතු මුදල්, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අදාල ඩිපෝව වෙත මෙතෙක් නොගෙවීමයි.

මේ හේතුව නිසා, රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය කිරීම සදහා රෝහල් ගිලන් රථ සේවය පවා යොදා ගැනීමට සිදු ව ඇති බව ගම්පහ රෝහල ආරාංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =