සුදු ළුෑණු වංචාවට අත් අඩංගුවට ගත් සතොස නිළධාරීන් සිව් දෙනාට ඇප…!

0
61
- Advertisement -

සුදු ළුෑණු වංචාවට අත් අඩංගුවට ගත්
සතොස නිළධාරීන් සිව් දෙනාට ඇප…!


ආන්දෝලනාත්මක සතොස සුදු ළුෑණු වංචාව හා සම්බන්ධ බවට සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ සතොස නිළධාරීන් සිව් දෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සුදුළුෑණු කිලෝග‍්‍රෑම් 54,000 ක් අඩංගු බහාලූම් දෙකක් පසුගිය සැප්තැම්බර් 14 වන දා පොලිසිය මගින් කෙරවලපිටියේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

අදාල බහාලූම් තුළ තිබුණේ සතොසට අයත් සුදුළුෑණු තොගයක් බවයි පැවසුනේ.

සුදු ළුෑණු තොගය අත් අඩංගුවට ගැනීමෙන් දින දෙකකට පසුව ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළුව තවත් නිළධාරීන් සිව් දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 1 =