සුදුළුෑණු වංචාව හෙළි කළ පුද්ගලයන්ට මරණ තර්ජන එල්ල වෙයි..! නඩු ඉවත් කර ගැනීමට දින දහයක් කල් දෙයි..!

0
134
- Advertisement -

සුදුළුෑණු වංචාව හෙළි කළ පුද්ගලයන්ට
මරණ තර්ජන එල්ල වෙයි..!
නඩු ඉවත් කර ගැනීමට දින දහයක් කල් දෙයි..!

කොළඹ වරායේ තිබුණු සුදුළුෑණු කිලෝග‍්‍රෑම් 56,000 ක් ලංකා සතොසට මුදා හැර පසුව සතොස හරහා වංචාසහගත ලෙස වෙනත් ව්‍යාපාරිකයෙකුට විකිණීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ෂණ අරඹා තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ. ඊට අමතරව වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ද මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වන දා කැදවීමට නියමිත ය.

අදාල නඩුව ඉවත් කර ගන්නා ලෙස යම් යම් පුද්ගලයන් දුරකථනය ඔස්සේ සහ වෙනත් ක‍්‍රම හරහා තමන්ට මරණ තර්ජන එල්ල කරන බව, සුදු ළුෑණු නීත්‍යනුකූලව ආනයනය කරන ලද සමාගමේ නිළධාරීන් පවසයි.

දින දහයක් තුළ අදාල නඩුව ඉවත් කර නොගන්නේ නම් මරා දමන බවට පවසමින් අදාල තර්ජන එල්ල වන බව ඔවුන් පවසයි.

මේ මරණ තර්ජන පිළිබදව එම සමාගමේ නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =