“සුදුස්සන්ට උසස් වීම් නොදුන්නොත් පීසීආර් පරීක්ෂණ අත්හිටුවනවා.” රජයේ වෛද්‍ය රසායන විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, රවී කුමුදේශ්.

0
290
- Advertisement -
Share

“සුදුස්සන්ට උසස් වීම් නොදුන්නොත් පීසීආර් පරීක්ෂණ අත්හිටුවනවා.” රජයේ වෛද්‍ය රසායන විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, රවී කුමුදේශ්.

හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ට පත්වීම් ලබා නොදෙන්නේ නම් කොවිඩ් පී.සී.ආර්. පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වන බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

රසායනාගාර විද්‍යාඥයන් ලෙස සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සිය දෙනෙක් සිටින බවත් ඉන් අවම වශයෙන් පනස් දෙනකුට (50) හෝ පත්වීම් ලබාදෙන ලෙසත් සභාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළේය.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ පී.සී.ආර්. ඇතුළු අණුක ජීවී රසායනාගාර කටයුතු දැනට සිදු කරමින් පවතින්නේ වෙනත් රසායනාගාර සේවාවන් සඳහා යොදවා ඇති විද්‍යාඥයන් විසින් බවයි.

කෙසේ වෙතත් එම කාර්යය මණ්ඩලය හරහාම අඛණ්ඩව එම කටයුතු කරගෙන යාම අපහසු බවද සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රසායනාගාර සඳහා ලබාදී ඇති උපකරණ කොවිඩ් වසංගතය අවසන් වූ පසු අපතේ නොයන පරිදි අනෙකුත් අණුක ජීවී රසායනාගාර පරීක්ෂණ සඳහා භාවිත කළ යුතු බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

@aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 1 =