“සුදුවෑන් මාධ්‍ය හමුව.” රාජිතට සිතාසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප‍්‍රතික්ෂේප කරයි.

0
931
- Advertisement -

මැතිවරණ සමයේ දී රාජිත සේනාරත්න මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන් රථ රියැදුරෙකු ලෙස තමන්ව හදුන්වා ගත් පුද්ගලයෙකු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේ ය. පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී සුදු වෑන් රථ යොදා මිනිසුන් පැහැර ගත් බවත්, එසේ පැහැර ගන්නා ලද මිනිසුන් වද දී මරා අවසානයේ දී කිඹුල්ලන්ට කන්න දැමූ බවත්, අනන්‍යතාවය හෙළි නොකළ අදාල තැනැත්තා විස්තර කළේ ය.

අදාල මාධ්‍ය හමුව පැවැත්වීම සහ අපරාධකරුවෙකුට රැුකවරණය ලබා දීම යන චෝදනා යටතේ උසාවිය හමුව පෙනී සිටින ලෙස දැනුම් දෙමින්, රාජිත සේනාරත්න මහතාට සිතාසි නිකුත් කරන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි.

අදාල පැමිණිල්ල විභාග කළ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ දිනයේ දී එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − nine =