සුදත්ත හිමියෝ නිර්මාල්ට එරෙහිව නීතිමගට යන බව කියති.

0
1147
- Advertisement -

යාචකයන් නගරයෙන් ඉවත් කිරීම, වත්මන් රජය දියත් කර තිබෙන නගර අලංකරණ ව්‍යාපෘතියේ ම එක් අංගයකි. යාචකයන් ඉවත් කිරීමට ඇතැමුන් පක්ෂ වද්දී තවත් පිරිසක් එය අමානුෂික කටයුත්තක් සේ සලකයි. පෙනෙන හැටියට ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ද යාචකයන් නගරයෙන් ඉවත් කරනවාට විරුද්ධ කදවුර නියෝජනය කරයි.

යාචකයන් නගරයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණයත් සමග සමාජ මාධ්‍ය ජාලා තුළ ඇති වූ කතිකාවට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාද මැදිහත් විය. ඔහු ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස්, ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබේ.

නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ඉහත ප‍්‍රකාශ සම්බන්ධයෙන් මාගල්කන්දේ සුදත්ත හිමියෝ සිය විරෝධය පළ කර තිබේ. නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එරෙහිව නීතිය හමුවට යෑමට තමන් අදහස් කරන බව උන්වහන්සේ පවසා තිබේ.

සුදත්ත හිමියන්ගේ හඩ පටය, පහත ලින්ක් ඔස්සේ නෙත් නිවුස් සමග සම්බන්ධ වී ඔබට ඇසීමට පුළුවන.

http://nethnews.lk/article/72503?fbclid=IwAR0kI6uR4y4Sel-E-Y2qeX7xWNfnC_wMsJOgILEVhZe0b0twHdgM_8kSJ1E

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × two =