සී.අයි.ඩී ය ෂාෆීට උදව් කරනවා කීම විහිළුවක්.

0
868
- Advertisement -

වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ට එරෙහි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන් ඉවත් කර, එම පරීක්ෂණ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකට බාර දීමේ හැකියාව තිබේද යන්න පිළිබදව සොයා බලන ලෙස, ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

පොලිස් කොමිසමේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින්, වැඩ බලන පොලිස්පති, වික‍්‍රමරත්න මහතා පවසා ඇත්තේ එය කළ නොහැකි දෙයක් බවයි.

වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මහතාට එරෙහිව සිදු කරන පරීක්ෂණවලදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර වෛද්‍යවරයාගේ පැත්ත ගෙන කි‍්‍රයා කරන බවට අතුරලියේ රතන හිමි ඇතුළු බොහෝ දෙනෙක් චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත්, වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාධාරණ පරීක්ෂණයක් කර තිබෙන බව පවසන වැඩබලන පොලිස්පතිවරයා, අදාල නඩුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් ඉවත් කර, පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට භාර දුනහොත්, අනාගතයේ දී තවත් ගැටළු රැුසක් මතු කිරීමට එම සිද්ධිය හේතුවනු ඇතැයි පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + five =