සී.අයි.ඩී යේ තිසේරා ඌවේ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කරයි.

0
1801
- Advertisement -

පසුගියදා, පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා, වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඌව පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර වශයෙන් පත්කර තිබේ.

ඒ.එස්.පී තිසේරා මහතා, යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය, රතුපස්වල වෙඩි තැබීමේ සිදුවීම, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත්නොයාර් පැහැරගෙන යෑමේ සිදුවීම, කප්පම් ගැනීම සදහා ද්‍රවිඩ තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිදුවීම ආදී සිද්ධීන් පිළිබදව විමර්ෂණය කළ නිළධාරියෙකි.