“සී.අයි.ඩි යේ තවත් පිරිසක් හෙට-අනිද්දාම අත්අඩංගුවට.” අරුණ පුවත්පත වාර්තා කරයි

0
428
- Advertisement -
Share

සී.අයි.ඩි යේ තවත් පිරිසක්
හෙට-අනිද්දාම අත්අඩංගුවට.”
අරුණ පුවත්පත වාර්තා කරයි

මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ ගිනි අවි නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් පොලිස් නිලධාරීන් පිරිසක්

අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සත්‍ය වසන් කිරීම සහ බොරු සාක්ෂි නිර්මාණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට යයි.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අයත් බව කියමින් ටී. 56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගත් බවට අසත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර සාක්ෂි වසන් කිරීමේ ​චෝදනා යටතේ ශානි අබේසේකර ඉකුත් මස 31 වැනිදා පෙරවරුවේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු එදිනම රාත්‍රි ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්නගේ නිල නිවස වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව මෙම මස 07 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබුණි.

එලෙස රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ ශානි අබේසේකර, බන්ධනාගාර නිලධාරීන් විසින් මහර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි.

මහර බන්ධනාගාරයේදී ශානි අබේසේකර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත්, එහිදී ලද වෛද්‍ය නිර්දේශ මත ඔහු මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

•ඉෂාර රත්නකාර / arunaEpaper

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × five =