සිල්රෙදි නඩුවෙන් අනූෂ සහ ලලිත් වීරතුංග නිදොස්කොට නිදහස් කරයි.
සිල්රෙදි නඩුවේ මහාධිකරණ තීන්දුවට එරෙහිව අනූෂ පැල්පිට සහ ලලිත් වීරතුංග යන අය අභියාචනාධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවේ තීන්දුව අද දිනයේ දී නිකුත් විය. ඒ අනුව, සිල්රෙදි නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේ ය.
කොළඹ මහාධිකරණය මීට පෙර ලබා දුන් නඩු තීන්දුවට අනුව, අදාල වරද සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට වසර තුනක සිර දඩුවමක් නියම විය.