සිරස මේ නිළිය හදුනනවාද..?

0
719
- Advertisement -

දින පනස් එකේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේදී ලංකාවේ ජනමාධ්‍ය හැසිරුණු පක්ෂපාතී භාවය විවේචනය කරමින්, කලා කරුවන් සහ සිවිල් සංවිධාන සාමාජිකයන් විසින් මාධ්‍ය ආයතන ඉදිරියේ සාමකාමී උද්ඝෝෂණ මාලාවක් දියත් කළේ ය.
අනෙකුත් සියලූ මාධ්‍ය ආයතන ඔවුන්ට එරෙහිව එල්ල වූ විවේචනය සහෝදරාත්මකව බාර ගත් බවක් පෙනුණි. ඒත්, සිරස මාධ්‍ය ජාලය, විවේචකයන් විවේචනය කරමින් – සාමකාමී විරෝධතාවයට එරෙහිව ප‍්‍රචණ්ඩ මාධ්‍ය වාර්තා කරණයක නිරත විය. ඔවුන්, උද්ඝෝෂණයට සහභාගී වූ ප‍්‍රවීණ රංගන ශිල්පිනියන්ගේ ඡුායාරූප ප‍්‍රදර්ශනය කරමින්, මොවුන් නිළියන්දැයි ඇසුවේ ය. ඔවුන් එසේ ඡුායාරූප පෙන්වා මේත් නිළියන්දැයි ඇසූ එක් නිළියක්, රයිගම් ටෙලි සම්මාන උළලේ හොඳම නිළිය සදහා සම්මාන දිනා ගත්තා ය. ඒ, මීට පෙරද සම්මානයට පාත‍්‍ර වී ඇති චාන්දනී සෙනෙවිරත්න යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 1 =