සිරගත වූවන්ට ඡන්ද අයිතිය ලබාදීමට කැෆේ සංවිධානය පෙරමුණ ගනී.

0
192
- Advertisement -
Share

ඉදිරි මහමැතිවරණයේදී සිරකරුවන් හට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටිනවා.

එම සංවිධාන විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබෙන බව සඳහන්.

සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර එය බරපතල ලෙස මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද එම ලිපියේ දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + two =