සිරකරුවන් ඝාතනය කළේ ගෝඨාගේ ලැයිස්තුවකට අනුවයි.

0
3840
- Advertisement -

2012 වසරේ නොවැම්බර් මාසයේ 10 වන දා සිදු වූ වැලිකඩ බන්ධනාගායේ රැදවියන් විසිහත් දෙනෙකු ඝාතනය කිරීමට අදාල නඩුව, ඊයේ විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි. මෙහිදී සාක්ෂි ලබා දුන් හිටපු සහකාර පොලිස් අධිකාරී, පී.ඩබ්ලිව් කුඩාබණ්ඩාර මහතා, අධිකරණය හමුවේ පවසා සිටියේ, බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා නිළධාරින් කිහිප දෙනෙකු ඔවුන් අතේ තිබුණු නම් ලැයිස්තුවක් පෙන්වා, තමන්ගෙන් ඒ නම් සදහන් පුද්ගලයන් පිළිබදව විමසා සිටි බවයි.

අදාල නම් ලැයිස්තුව රැගෙන ආ හමුදා නිළධාරීන්, එම ලැයිස්තුව නම් කළේ, ”ගෝඨාගේ ලැයිස්තුව” ලෙස බවද, ඒ මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ ය. ”ගෝඨා” ලෙස අදාල හමුදා නිළධාරීන් හැදුන් වූ වේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවද ඔහු පැවසී ය.

ඊට අමතරව, එම මොහොතේ වැලිකඩ බන්ධනාගාරයේ නොසිටි සිරකරුවන් දෙදෙනෙකු පිළිබදවද එම හමුදා නිළධාරීන් තමන්ගෙන් විමසා සිටි බවද පොලිස් අධිකාරීවරයා ප‍්‍රකාශ කළේ ය.


හමුදා නිළදාරීන් බන්ධනාගාරය තුළ සිදු කළ මෙහෙයුම අතර තුරේ දී, සිරකරුවන්ගේ විලාපය තමන්ට ඇසුණු බවත්, අපිව මරා දමන්න එපා යැයි කියමින් ඔවුන් විලාප දුන් බවත්, තමන්ගේ නම කියමින්, ඔවුන්ව බේරා ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත්, නමුත් තමන් සිටියේ කිසිවක් කරකියාගත හැකි තත්ත්වයක නොවන බවත් පොලිස් අධිකාරීවරයා පැවසීය.


ඊට අමතරව, සිවිල් ඇදුමුන් සැරසුණ තවත් පුද්ගලයන් දෙදෙනෙක් හමුදා නිළධාරීන් සමග සිටි බවත්, ඔවුන්ගෙන් එක් අයෙක් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලෙස තමන් හදුනාගත් බවත් පොලිස් අධිකාරීවරයා ඔහුගේ සාක්ෂියට එකතු කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 2 =