ආණ්ඩුව නියෝජනය කරන සියළුම මුස්ලිම් අමාත්‍යවරු සිය අමාත්‍ය ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අද උදෑසන කොළඹ දී මුණ ගැසී ඔවුන් මේ තීරණයට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. ආණ්ඩුවෙන් ඉවත් වූවද, දිගටම ආණ්ඩුවට සහාය දීමට ඔවුන් තීරණය කර ඇති බව ද පැවසේ.