සිඩ්නි චන්ද්‍රසේකර හිමිදිරියේම සමු ගනියි.
ප්‍රවීණ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත බව වාර්තා වේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 61 කි.
මාධ්‍යවේදියෙකු, වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ගේය පද රචකයෙකු ලෙසද ඒ මහතා ඉමහත් ජනප්‍රියත්වයක් දිනා සිටි අයෙකි.
ඔහු සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළේ ය.