සිංහරාජය මැදින් හදන මාර්ගය ගැන පරිසර සංවිධාන යුනෙස්කෝවට පැමිණිලි කරයි.

0
170
- Advertisement -
Share

සිංහරාජය මැදින් හදන මාර්ගය ගැන
පරිසර සංවිධාන යුනෙස්කෝවට පැමිණිලි කරයි.

සිංහරාජ වනාන්තරය මැද්දෙන්, ලංකාගම ග්‍රාමයේ සිට දෙනියාය දක්වා ඉදිකරමින් පවතින මාර්ගයේ වැඩ කටයුතු, වහාම මැදිහත් වී නවත්වන ලෙසට, පරිසර හා සොබාදම් අධ්‍යයන කේන්ද්‍රය, ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයට පැමිණිලි කර තිබේ.

යුනෙස්කෝ සංවිධානය විසින් 1988 වසරේ දී සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.

සිංහරාජ වනාන්තරය මැදින්, ලංකාගම සිට දෙනියාය දක්වා මාර්ගයක් තැනීමේ කටයුතු මුල්වරට අරඹා තිබුණේ 2013 වසරේ දී ය. එම අවස්ථාවේ දී ද, යුනෙස්කෝ සංවිධානය මැදිහත් වී මාර්ගය ඉදිකිරීමේ කටයුතු නවතා දැමීමට සමත් විය.

කෙසේ වෙතත්, 2020 අගෝස්තු මාසයේ 10 වන දා, අත්හැර දමන ලද මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු යළි අරඹා ඇති බවට මාධ්‍ය වාර්තා පල විය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්ජිනේරු බලකාය විසින් මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =