සිංහරාජය මැද්දෙන් පාර කැපීම ජනපති අනින් තාවකාලිකව අත්හිටුවයි.

0
288
- Advertisement -
Share

සිංහරාජය මැද්දෙන් පාර කැපීම
ජනපති අනින් තාවකාලිකව අත්හිටුවයි.


සිංහරාජ වනාන්තරය මැද්දෙන් සිදුවන මාර්ග සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ගෝතබයා රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

සිංහරාජ වනාන්තරය මැදින්, ලංකාගම සිට දෙනියාය දක්වා මාර්ගයක් තැනීමේ කටයුතු මුල්වරට අරඹා තිබුණේ 2013 වසරේ දී ය. එම අවස්ථාවේ දී, යුනෙස්කෝ සංවිධානය මැදිහත් වී මාර්ගය ඉදිකිරීමේ කටයුතු නවතා දැමීමට සමත් විය.

කෙසේ වෙතත්, 2020 අගෝස්තු මාසයේ 10 වන දා, අත්හැර දමන ලද මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු යළි අරඹා ඇති බවට මාධ්‍ය වාර්තා පල විය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්ජිනේරු බලකාය විසින් මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 − 2 =