සිංහරාජයට හානියක් නොවන ලෙස
දින අනූවකින් මාර්ගය ඉදිකර අවසන් කරන්න.
ජනපති නියෝග කරයි.
දැනට තාවකාලිකව ඉදිකිරීම් අත්හිටුවා ඇති ලංකාගම සිට නෙළුව දක්වා ඉදිවන මාර්ගයේ වැඩ කටයුතු ලෝක උරුම සිංහරාජ වනාන්තරයට හානියක් නොවන ලෙස, දින අනූවකින් ඉදිකර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල බළධාරීන්ට උපදෙස් දී තිබේ.
