සිංගප්පූරුවත් මෛත්‍රීට පිටුපායි…!

0
663
- Advertisement -

මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු වන, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීප අවස්ථාවකම සිංගප්පූරු රජයෙන් ඉල්ලා තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙකු වීමත්, ඔහු දැනටත් සිංගප්පූරුවේ වාසය කරන බවටත් වන කරුණු පදනම් කරගෙන ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම එරට අග්‍රාමාත්‍යවරයාටද ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, තමන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ජනාධිපති තුමා පවසයි. එතුමා මේ බව පැවසූවේ, අද උදෑසන පැවති “අල්ලස සහ දූෂණය මෙරටින් තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” එළැදැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි.