සෑම පාසලකටම පොලිස් ආරක්ෂාව.

0
494
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව, රට පුරා ඇති පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සදහා පියවර රාශියක් ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. දෙවන වාරය සදහා පාසල් යළි ආරම්භ කරන දිනය කල් දැමීම සිදු කරන ලද්දේ ද පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් බව පැවසූ අමාත්‍යවරයා, ඊට අමරතව පාසල්වල ආරක්ෂාව පිළිබදව ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන් සහ පොලිස්පතිවරයා සමඟ ද සාකච්ඡුා කළ බව කියා සිටියේ ය. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්, දිවයිනේ සෑම පාසලකම ආරක්ෂාව වෙනුවෙන්, අවම වශයෙන් එක් පොලිස් නිළධාරියෙකු යෙදවීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + one =