සැකකරුවන්ගෙ අසනීප තත්වය හේතුවෙන් තාජුඩීන්ගෙ නඩුව කල් යයි.

0
733
- Advertisement -

මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (20) නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ දුරකතන 500 ක පමණ විශ්ලේෂණ වාර්තා සසඳමින් පරීක්ෂණ කටයුතු සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව සිද්ධියේ සැකකරුවන් දෙදෙනකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන අයගේ අසනීප තත්ත්වය හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටින බවට ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =