සාරා ගැන විමර්ෂණ අරඹන්න. කොමිසම නිර්දේශ කර තිබේ.

0
379
- Advertisement -

සාරා ගැන විමර්ෂණ අරඹන්න.
කොමිසම නිර්දේශ කර තිබේ.


පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් – සාරා ජැස්මින් පිළිබද විමර්ෂණ අරඹන ලෙස
පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බව ද මෝර්නිං පුවත්පත වාර්තා කර තිබේ.

අපේ‍්‍රල් 26 වන දා සයින්දමරුදුවල සිදු වූ ගැටුමෙන් සාරා මිය ගිය බව මුලදී සැක කළ ද ඈ ජීවතුන් අතර සිටින බවට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් තහවුරු කර තිබේ.

සාරා යනු කටුවාපිටිය දේවස්ථානයට මරාගෙගන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළ මොහොමදු හස්තුන් නමැත්තාගේ බිරිද යි.

තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් ගේ බිරිද වන ෆාතිමා හාදියා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ – සයින්දමරුදු ප‍්‍රහාරයේ දී එක් මොහොතක දී තමන් සිහිසුන්ව ඇද වැටුණු බවත් – පසුව සිහිය එන අවස්ථාවේ දී සාරාගේ කටහඩ තමන්ට ඇසුණු බවයි.

එමෙන්ම සයින්දමරුදු වල දී මිය ගිය සිරුරු සම්බන්ධයෙන් කරන ලද ඞී.එන්.ඒ පරීක්ෂණවලදී ද සාරා මිය ගිය බවට සාක්ෂි ලැබී නැත.

2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී සාරා ඉන්දියාවට පලා ගොස් ඇති බවට විශ්වාසකටයුතු තොරතුරු ලැබී ඇති බව පාස්කු කොමිසමට අදාලව ස්ථාපිත කර තිබු පොලිස් ඒකකයේ ප‍්‍රධානියා ද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 7 =