සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වූ දරුවෝ.

0
629
- Advertisement -

කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප‍්‍රථම ස්ථානය ලබා ගෙන තිබේ. විශාඛා විද්‍යාලයේ සචිති හංසදී, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානී දිලේකා සහ මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා යන දියණිවරු දෙවන ස්ථානය දිනා ගෙන ඇති අතර කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ගයාත‍්‍රි හර්ෂිලා ලිහිණිකඩුආරච්චි දියණිය තුන්වන ස්ථානය දිනාගෙන ඇත.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා සිසු සිසුවියෝ 518,184 දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් 71.66%ක් උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් ලබා සිටිති. ගණිතය සමත් ප‍්‍රතිශතය 64.11% කි.
විෂයන් නමයටම ඒ සාමාර්ථ ලබාගෙන ඇති සිසුන්ගේ සංඛ්‍යාව 9413 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − 2 =