සාක්ෂි නැති නිසා ශානිව නිදහස් කරන ලෙස නිර්දේශ කර ඇතත්, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙක් අත්තනෝමතිකව ඔහු රදවාගෙන සිටියි.

0
302
- Advertisement -

සාක්ෂි නැති නිසා ශානිව නිදහස් කරන ලෙස නිර්දේශ කර ඇතත්,
නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙක්
අත්තනෝමතිකව ඔහු රදවාගෙන සිටියි.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව නඩු පැවරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති හෙයින් ඔහු නිදහස් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් විසින් ලබා දී තිබෙන නිර්දේශය, එම දෙපාර්තමේතුවේ ඉහළ නිළධාරියෙකු හිතා මතාම උල්ලංඝණය කරමින් සිටින බව, හිටපු අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය චෝදනා කරයි.

නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන තමාගේ හිතවතුන් මාර්ගයෙන් මෙම කරුණ අනාවරණය වූ බව හිටපු අධිකරණ ඇමතිනිය පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහත සදහන් කරන ලද ඉහළ නිළධාරියා විසින් ශානි අබේසේකර සහ ඔහු සමග අත් අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනෙක් නිළධාරීන් දෙදෙනා හැකිතාක් කාලයක් රදවා ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බව ද තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ශානි අබේසේකර මහතා අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවා තබා ගැනීම පිළිබදව යුරෝපා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය අවධානය යොමුකොට තිබේ.

යුරෝපා සංගමය විසින් මෙරටට ලබා දී තිබෙන ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වීමේ අවදනාමක් ද මෙම කරුණ මත මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 20 =