සාකච්ඡා අසාර්ථකයි…!

0
599
- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක බවට, දෙපාර්ශ්වයම මාධ්‍ය හමුවේ පැවසූව ද, එම සාකච්ඡා මෙතෙක් කිසිදු ආකාරයක සාර්ථක භාවයක් ලබා නැති බව වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා ලෙස, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබුණද, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා ඉදිරිපත් කිරීමේ අභිලාසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අත්හැර නැත.

එමෙන්ම, දෙපාර්ශ්වය අතර සාකච්ඡා යන අතර වාරයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ උත්සාහයද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත් හැර නැත.

දෙපාර්ශ්වයම සිදු කරමින් සිටින බල දේශපාලනය පිළිබඳව දෙපාර්ශ්වයම ඉතා හොදින් දැනුවත් අතර, තමන්ගේ අරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් දෙපාර්ශ්වයම ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බව ද පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 5 =