පැහැර ගැනීමට ලක් වූවා යැයි කියන ස්විස් තානාපති කාර්යාල නිළධාරිනිය, නීතීඥවරු දෙදෙනෙක් සහ ස්විස් තානාපති කාර්යාල නිළධාරියෙකු සමග ඊයේ පස්වරු දෙකට පමණ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇගෙන් පැය පහකට වඩා වැඩි කාලයක් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ස්විට්සර්ලන්තය බලා පිටව ගියේ කෙසේද කියා දැන ගැනීමට, තානාපති කාර්යාල නිළධාරිනිය පැහැරගත් පිරිසට අවශ්‍යව තිබුණු බවයි පැවසෙන්නේ.