ස්විස් තානාපති කාර්යාල නිළධාරිනියගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ.

0
676
- Advertisement -

පැහැරගැනීමට සහ ප්‍රශ්නකිරීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 17 වැනිදා තෙක් නැවත වරක් දීර්ඝ කර තිබේ.

සිද්ධියට අදාල පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(12) කැඳවා තිබූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය සිදුකර ඇත.

පසුගිය 9 වැනිදා සිද්ධියට අදාල පැමිණිල්ල කැඳවා තිබූ අවස්ථාවේ අදාල නිලධාරිනිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත්කර, ඇය පහරදීමකට හෝ ලිංගික අතවරයකට මුහුණපා තිබේ ද යන්න පිළිබඳව වාර්තා කැඳවන ලෙසත් ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේ ද යන්න පිළිබඳව ද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර අද(12) දිනය දක්වා ඇයගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමටත් පැමිණිලි විභාගය කල් තැබීමටත් අධිකරණය නියෝග කර තිබිණි.

ඒ අනුව අද දිනයේ නඩුව නැවත කැඳවූ අවස්ථාවේ ලබන 17 වැනිදා තෙක් විදෙස් ගමන් තහනම දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර ඇත.

lanka truth.lk