ස්විස් තානාපති කාර්යාලය වෙනුවෙන් සීලරතන හිමියෝ පෙනී සිටිති.

0
713
- Advertisement -

ඇතැම් මැති ඇමතිවරුන් හා නීතිඥවරුන් කරන විවිධ ක්‍රියා හේතුවෙන් ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදතාවට බලපෑම් එල්ලවන බව ජනසෙත පෙරමුණ සඳහන් කරයි.

සුළු සිද්ධියක් මුල්කර ගනිමින් මෙවැනි කටයුතු සිදුකරන බවත්, කිසිදු දෙයක් නොදැන සුළු සිද්ධියක් දුරදිග අරගෙන යන අතර, එය රටට හොඳ නැති බවත් එම පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අවධාරණය කළහ.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට කිසිදු දෙයක් සිදුනොවන බවත්, එවැනි දෙයක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් සංදේශයක් ජනසෙත පෙරමුණ මගින් අද (04දා) ස්විස් තානාපති කාර්යාලයේ නියෝජිතයෙකුට භාරදීමද සිදුකෙරිණි.

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැර ගැනීමක් සිදුව තිබෙන්නේනම් ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අවශ්‍ය කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.

ලිපියේ සිරස්තලය පමණක් වෙනස් කර ඇත.
උපුටා ගැනීම – ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 9 =