ස්විට්සර්ලන්තය; සමලිංගික අයිතිවාසිකම් රකින දැඩි නීති සම්මත කර ගැනීමට යයි.

0
553
- Advertisement -

ලිංගිකත්වය මත පුද්ගලයන් වෙනස් කොට සැලකීම, දඩුවම් ලැබිය හැකි නීති විරෝධී කි‍්‍රයාවක් බවට පත් කරන පනතක් සම්මත කර ගැනීම වෙනුවෙන් වන මත විමසුමකට, ස්විට්සර්ලන්ත ජනතාව අද මුහුණ දෙයි.

ජාතිය හා ආගම මත පුද්ගලයන් වෙනස්කොට සැලකීම ස්විට්සර්ලන්තය තුළ නීතිවිරෝධී ය.

ස්විට්සර්ලන්තය සමලිංගික අයිතිවාසිකම් පිළිගන්නා රටකි. නමුත් සමලිංගික අයිතිවාසිකම් පිළිගන්නා රටවල් 49 න් ඔවුන් සිටියේ 23 වන ස්ථානයේ ය.

මෙම නව පනත සම්මත වීම හරහා තමන්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වෙනු ඇතැයි ස්විට්සර්ලන්ත සමලිංගික සහ සංක‍්‍රාන්ති ලිංගික ප‍්‍රජාව බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් පනතට විරුද්ධ පිරිස් පවසන්නේ, මේ මගින් අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති නිදහසට සීමා පැනවෙන බවයි. උදාහරණයකට, සමලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින විහිළුවක්වත් හුවමාරු කර ගැනීමට මින් ඉදිරියට බැරිවෙනු ඇතැයි ඔවුහු සිතති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 9 =