ස්වර්ණවාහිනියෙන් 15 ක් දොට්ට…!

0
885
- Advertisement -

ලංකාවේ ප‍්‍රධාන පෙලේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනියට සම්බන්ධ සේවකයන් විසින් නීත්‍යනුකූලව පිහිටුවා ගන්නා ලද වෘත්තීය සමිතිය එහි පළමු රැස්වීම ඊයේ දහවල් කෑම පැයේ දී පවත්වා තිබේ. පළමු රැස්වීම සදහා ආයතනයෙන් සේවකයන්ගෙන් තුනෙක් දෙකකට වැඩි පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ. මෙම රැස්වීමට සහභාගී වූ පිරිසෙන් 15 දෙනෙකු ස්වර්ණවාහිනියේ අත්තනෝමතික පාලන තන්ත‍්‍රය විසින් සේවයෙන් නෙරපා තිබේ. ආයතනයේ සේවය කරන තරුණියන් ලිංගිකව සූරා කෑමත් ඔහුගේ සිතැගියාවන්ට ඉඩ නොදෙන තරුණියන් හිංසාවට පත් කිරීමත් සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ ඉහළම නිළධාරියෙකුට එරෙහිව මීට පෙරද චෝදනා එල්ල වී තිබුණි. වෘත්තීය සමිති රැස්වීමට සහභාගී වූ සේවකයන් සේවයෙන් පහ කිරීම පිටුපස සිටින්නේ ද මෙම නිළධාරියා බව වාර්තා වේ. සේවයෙන් ඉවත් කරන ලද ස්වර්ණවාහිනියට සම්බන්ධ 15 දෙනාගේ නම් පහත දැක්වේ.
1. නදීක කරුණායක
2. අරුණ බණ්ඩාර වාසුන්දර
3. තිළිණි පෙරේරා
4. නුවන් ශ‍්‍රී ජයවික‍්‍රම
5. ඒ.ඞී.ඩයස්
6. ලලිත් කුමාර වීරතුංගාරච්චි
7. සම්පත් තිලකවික‍්‍රම
8. ඒ.ඞී.එන් රෝහන විමලසිරි
9. නයන උජිත්
10. චන්දන සෙනෙවිරත්න
11. මුදිත විජේසුන්දර
12. කේ.ඞී.පී.එල්.සමරසේකර
13. එල්.සී. සිංහපුර
14. බැසිල් රෝයි
15. එස් ගමගේ.