සහරාන් සමඟ පුහුණු වූ 64ක් යළි රිමාන්ඩ්

0
690
- Advertisement -

පාස්කු ඉරුඳා ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා ඔක්තෝම්බර් 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට තිරණය කර තිබේ.

නුවරඑළියෙහි ඇති ජාතික තවුහිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩිහි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශනමත මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඊයේ (26) මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 10 වැනි දින දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී .