සහරාන් සමග අවි පුහුණු වූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට.

0
752
- Advertisement -

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ සමාජිකයන් දෙදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු රයිසුද්ධියන් අබ්දුල් රහුමාන් නොහොත් අබුඅනාස් සහ අයිනුල් අබ්දීන් හස්ල නොහොත් අබුරාවා යන අයයි.

මොහොම්මදු රයිසුද්ධියන් අබ්දුල් රහුමාන් පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර ඔහු සහරාන් හෂිම් සමග නුවරඑළිය ප්‍රදේශයේ දී පුහුණු වීම් වල නිරත වී ඇත.

අත්අඩංගුවට පත් වුනු අනික් පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු සහරාන් හෂීම් සමග හම්බන්තොට පුහුණු කදුවුරේදි පුහුණුව ලබා ඇති බව රාජ්‍ය බුද්ධි අංශ සදහන් කරයි.