සහරාන් කළ දේශන සඳහා සහභාගී වූ පුද්ගලයෙකුට ඇප

0
492
- Advertisement -
Share

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් විසින් කළ දේශන සඳහා සහභාගී වූ බවට චෝදන ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙක් ඇප මත මුදා හරින ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කල්මුණේ මහේස්ත්‍රාත් අයි .එන් රිස්වාන් මහතා විසින් අද (04) මෙම නියෝගය ලබා දී තිබු අතර අදාළ පුද්ගලයා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.

මේ අතර මෙම පුද්ගලයා සෑම ඉරිදා දිනකම කල්මුණේ පොලීසියේ අත්සන් කළ යුතු අතර ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය මැයි 29 දින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සහ අදාළ නඩු විභාගය අගෝස්තු 28 දා දක්වා කල්මුණේ මහේස්ත්‍රාත්වරයා විසින් කල් තබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 5 =