“සහරාන් ඇතුළු කණ්ඩායමට කොපමණ ආයුධ සහ මුදල් ලබා දුන්නා ද..?” මහා සංඝරත්නය රජයෙන් විමසති.

0
389
- Advertisement -

“සහරාන් ඇතුළු කණ්ඩායමට කොපමණ ආයුධ සහ මුදල් ලබා දුන්නා ද..?”
මහා සංඝරත්නය රජයෙන් විමසති.


යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් මහා සංඝරත්නය අද දිනයේ දී නිදහස් චතුරශ‍්‍රයේ සත්‍යග‍්‍රහයක් පවත්වන ලදී.

පාස්කු කොමිසම් වාර්තාවෙන් යෝජනා කර තිබෙන, බෞද්ධ සංවිධාන තහනම් කිරීම හෙළා දැකීමත්, පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරුවන්ට දඩුවම් දීමත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට බලකිරීමත් මෙම සත්‍යග‍්‍රහයේ අරමුණ විය.

සත්‍යග‍්‍රහයට සහභාගී වූ මහා සංඝරත්නය, අවසන් වාර්තාවෙන් විසදී නැති ප‍්‍රශ්න කිහිපයක් වෙත රජයේ අවධානය යොමු විය යුතුව ඇති බව යෝජනා කරයි.

එම කරුණු අතර, යුද සමයේ දී ඔත්තු ලබා ගැනීමේ අරමුණ ඇතිව, සහරාන් ඇතුළු කණ්ඩායමට ආයුධ සහ මුදල් ලබා දුන්නා ද යන්න මහා සංඝ රත්නය රජයෙන් විමසා සිටියි.

ආයුධ ලබා දුන්නේ නම්, පසුව එම ආයුධ නැවත ලබා ගත්තාදැයි දෙවනුව මහා සංඝරත්නය ප‍්‍රශ්න කරයි. එමෙන්ම, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන්ට මූල්‍ය අනුග‍්‍රහය දැක්වූ අය හෙළිදරව් කරන ලෙසද මහා සංඝරත්නය ඉල්ලා සිටියි.

ත‍්‍රස්තවාදීන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේ දී ඊට බලපෑම් කළ දේශපාලඥයන් පිළිබදව හෙළි දරව් කරන ලෙස ද සංඝ රත්නය රජයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 9 =