සහරාන් අත් අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රහාරයට හරියටම මාස හතරකට කලින් මං ඇහුවා..!

0
289
- Advertisement -

“සහරාන් අත් අඩංගුවට නොගන්නේ ඇයි දැයි
ප්‍රහාරයට හරියටම මාස හතරකට කලින් මං ඇහුවා..!”

පාස්කු ප්‍රහාරය තමන්ගේ නොසැලකිල්ල නිසා සිදු වූබක් බවට ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එය එසේ වූවේ, තමන් සම්බන්ධයෙන්, එවකට තමන්ගේ රජයේ සිටි ඇමතිවරු පවා බොරු පුවත් නිර්මාණය කළ නිසා බව ඔහු පවසයි.

දේශපාලනයේ දී තමන්ට මහත් සේ නින්දා අපහාසයන්ට මුහුණ දීමට සිදු වූ බව පවසන හිටපු ජනාධිපතිවරයා, නින්දා අපහාස විදින්න බුදුන්ටත් සිදු වූ බවත්, අවසානයේ දී උන්වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩි බවත් පවසයි.

තමන්ට රට පාලනය කිරීමට සිදු වූ වේ, අගමැතිගේ හෝ ඇමති මණ්ඩලයේ බහුතරයකගේ සහයෝගය නොමැතිව බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ යේ 2019 අප්‍රේල් මාසයේ 21 වන දා ය.
එම වසරේ ජනවාරි මාසයේ දී සහරාන් අත් අඩංගුවට නොගන්නේ මන්දැයි තමන් ආරක්ෂක අංශයෙන් විමසා සිටිබවත් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 14 =