සහරාන්ව මෙහෙයවන ලද පුද්ගලයන් අල්ලාගන්නා තෙක් ජාතික ආරක්ෂාව අනතුරේ.

0
213
- Advertisement -
Share
4 / 100

සහරාන්ව මෙහෙයවන ලද පුද්ගලයන්
අල්ලාගන්නා තෙක් ජාතික ආරක්ෂාව අනතුරේ.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න.


පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු ලෙස හැදින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම මෙහෙයවන ලද පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම අත් අඩංගුවට ගන්නා තෙක්, ජාතික ආරක්ෂාව අනතුරක පවතින බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ෂණය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්, ඊයේ දිනයේ දී ඔහු මේ බව අනාවරණය කර තිබේ.

සහරාන් හෂීම් 2014 වසරේ සිට කි‍්‍රයාත්මකව සිටි බව පවසන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, එක්වරම 2017 සහ 2018 වසර වලදී ත‍්‍රස්ත කි‍්‍රයා සදහා ඔහු යොමුව ඇති බව පවසයි.

අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය සහරාන් හෂීම්ගේ තීරණයක් බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඔහුගේ එම තීරණය සම්බන්ධයෙන් ජාතික තවුහිද් ජමාන් සංවිධානයේ සාමාජිකයන් අතර බෙදීමක් සිදුව ඇති බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − nine =