සහරාන්ට යට උනාද…? කාන්තන්කුඩි පොලිස් ස්ථානාධිපති තේරීම් කාරක සභාවට..!

0
926
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා, කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සහ වර්තමාන ස්ථානාධිපතිවරු කැදවා තිබේ. මෙම කැදවීම කර ඇත්තේ අද සවස 2.00 ට රැුස්වන තේරීම් කාරක සභාව සඳහා ය.
පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනාට අමතරව, සුෆී මුස්ලිම් පූජකවරු කිහිප දෙනෙක් ද අද රැුස්වන තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය. පසුගිය දිනෙක සාක්ෂි ලබා දීම සදහා පැමිණ නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති හිස්බුල්ලා මහතා කියා සිටියේ, තමන් සහරාන්ට එරෙහිව පැමිණිලි කළත්, පොලීසිය ඒ පැමිණිලි සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ග නොගත් බවයි.