සහරාන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකළ බවට චෝදනා එල්ල වී තිබෙන කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරු අද තේරීම් කාරක සභාව හමුවට…!

0
884
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද දිනයේ ද රැුස් වීමට නියමිතය. කාත්තන්කුඩි පොලීසියේ හිටපු සහ වර්තමාන ස්ථානාධිපතිවරුන් අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සදහා කැදවා තිබේ. පසුගියදා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර, හිස්බුල්ලා මහතා කියා සිටියේ, සහරාන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස කාත්තන්කුඩි පොලීසියට දැන්වූවත් පොලීසිය නිසිලෙස නීතිය කි‍්‍රයාත්මක නොකළ බවයි.