සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

0
507
- Advertisement -
Share

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වූ කාසීම් සහරාන්ගේ නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි පුහුණු හා දේශන සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාසීම් සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා වන අවුරුදු 28ක් වයසැති මොහොම්මදු අබ්දුල් කාදර් අසීම් යන අයයි. එසේම මෙම සැකකරුගේ මවගේ සහෝදරිය විවාහ වී සිටින්නේ නවුෆර් මවුලවි සමග බවත් පොලීිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුපොත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 6 =