“සහරාන්ගේ බිරිදගේ ආරක්ෂාව තහවුරු කරන්න.” ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස්ට ලියයි.
පාස්කු ප්රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ බිරිදගේ ජීවිතය සම්බන්ධයෙන් අනතුරක් ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත්, එබැවින්, ඇගේ ජීවිත ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වන ලෙසත්, ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට ලිපියක් යොමු කර තිබේ.
මානවහිමිකම් කොමිෂන් සභාවේ ලේකම් තමරා විමලසූරිය, නොවැම්බර් 11 වන දා මෙම ලිපිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට යොමු කර තිබේ.
පාස්කු ප්රහාරය පිළිබදව, කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබා දීමෙන් පසුව ඇගේ ජීවිතයට අනතුරක් ඇති බව පවසමින් පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව, එම ලිපියේ සදහන් වේ.