සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්න කියා ඉල්ලයි

0
490
- Advertisement -
Share

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් ඊයේ (31දා) සිටියේය.

සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන් සිටින බව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙමින් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබන 21 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා වන මොහොමඩ් සහරාන් සහ ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ සහ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අතුරුදන් බව කියන වේටර්වරයෙකු වන විහඟ තේජාන්ත නමැත්තන්ගේ මරණ පරීක්ෂණ වාර්තා එවන ලෙස රජයේ අධිකරණ වෛද්‍යවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 12 =