සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මාරු කරන ලෙස අරුන්දික ප්‍රනාන්දු – සනත් නිශාන්ත – ප්‍රියන්කර ජයරත්න ඇතුළු මැති ඇමතිවරු හය දෙනෙකුම ඉල්ලා සිටියා.

0
1279
- Advertisement -

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මාරු කරන ලෙස අරුන්දික ප්‍රනාන්දු – සනත් නිශාන්ත – ප්‍රියන්කර ජයරත්න ඇතුළු
මැති ඇමතිවරු හය දෙනෙකුම ඉල්ලා සිටියා.

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා වෙන්නුව කොට්ඨාශයෙන් ඉවත් කරන ලෙසට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බව පොලිසිය භාර අමාත්‍යවරයා වන සරත් වීරසේකර මහතා පවසයි.

මාධ්‍යවේදී චමුදිත විසින් මෙහෙයවන “ටෘත් විත් චමුදිත” නම් වැඩසටහන සමග එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට අමතරව එම ප්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයන් වන සනත් නිශාන්ත – ඇමති ප්‍රියන්කර ජයරත්න ඇතුළුව තවත් මන්ත්‍රීවරු තුන් දෙනෙකු තමන්ගෙන් අදාල පොලිස් නිළධාරියා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මාරුකර යවන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවන්ගෙන් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා නිදොස් වන්නේ නම් නැවත ඔහු වෙන්නප්පුවට කැදවන බවද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − sixteen =