සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.

0
2069
- Advertisement -

සයිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම සහ
ජනාධිපති ගෝඨාභය මහතා සමග කළ සාකඡව අතර සම්බන්ධයක් නැත. – ජනපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකගේ ප‍්‍රකාශය
ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රතික්ෂේප කරයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය දැනුම් දීම සදහා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ දිනයේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබුණි.

එම ප‍්‍රකාශය තුළ චීනයෙන් මෙරටට සයිනොෆාම් එන්නත් ලක්ෂ 06 ක ප‍්‍රමාණයක් ලැබී තිබෙන බවත්,නමුත් එම එන්නත් භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමිව නැති බවත් වාර්තා කර තිබුණි.

එමෙන්ම, ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක වැඩිදුරටත් පවසා තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අතර පැවති සාකච්ඡුාවකට පසුව, එම සාකච්ඡුාවේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත සදහා අනුමැතිය ලබා දුන් බවයි.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස ප‍්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ, සිනොෆාම් එන්නත සදහා අනුමැතිය ලබා දීම සහ ගෝඨාභ රාජපක්ෂ මහතා සමග ඇති වු දුරකථන සංවාදය අතර සම්බන්ධයක් නැති බවයි.

daily mirror.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =