“සම පැහැපත් කරන ආලේපන ප්‍රවර්ධනය කරන ගමන් – සුදු වර්ගවාදයට එරෙහිව කතා කිරීම දෛවෝපගතයි..!” රසිකයෝ ප්‍රියන්කා චොප්රාට කියති.

0
317
- Advertisement -
Share

“සම පැහැපත් කරන ආලේපන ප්‍රවර්ධනය කරන ගමන් – සුදු වර්ගවාදයට එරෙහිව කතා කිරීම දෛවෝපගතයි..!” රසිකයෝ ප්‍රියන්කා චොප්රාට කියති.

සුදු පොලිස් නිළධාරීන් විසින් ජෝර්ජ් ෆ්ලොයිඞ් නම් නිරායුධ කළු මිනිසා ඝාතනය කිරීමට එරෙහිව, ලොව පුරා විරෝධතා මතු වී තිබේ.

සාමන්‍ය ජනතාව අතරින් මතුවන විරෝධතාවයන්ට අමතරව, ජනප්‍රිය සිවිල් චරිත ද, තවමත් ලෝකය තුළ ක්‍රියාත්මක වන සුදු වර්ගවාදයට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටියි.

බොලිවුඞ් සුපිරි නිළි, ප්‍රියන්කා චොප්රාද, ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහිව ඇයගේ විරෝධය ට්වීටර් පණිවිඩයක් ඔස්සේ පළ කර තිබේ.

“End this race war here in the US, and around the world. Wherever you live, whatever your circumstances, NO ONE deserves to die, especially at the hands of another because of their skin colour,”

ඇය නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩයට අනුව, ඇමැරිකාව තුළත්, ලෝකයේ තවත් තැන්වලත් ක්‍රියාත්මක වන වර්ග වාදයට එරෙහි විය යුතු බව ඈ පවසයි. එසේම, කිසිවෙකු, ඔහුගේ හෝ ඇයගේ “සමේ පැහැය” සාධකයක් වී, තවත් අයෙකු අතින් මිය යා යුතු නැති බවද ඈ පවසයි.

ඇගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර ඈ වෙත ලැබෙමින් තිබේ.

ඇතැම් අය පවසන්නේ, සුදු ආධිපත්‍යයට එරෙහිව ප්‍රියන්කාගේ පෙනී සිටීම අගය කරන නමුත්, හම සුදු කරන ආලේපන ප්‍රවර්ධන කරන ගමන් – එසේ සුදු ආධිපත්‍යයට විරෝධය දැක්වීම දෛවෝපගත බවයි.

ඉන්දියානු නළු නිළියන් බොහෝ දෙනෙකු සම පැහැපත් කරන ආලේපන ප්‍රවර්ධන කරන බව රහසක් නොවේ.

කෙසේ වෙතත්, පකිස්ථාන රංගන ශිල්පිනියක් වන, මහිරා ඛාන් පවසන්නේ, ඇයනම්, මෙතෙක් කිසිදු දිනෙක සම පැහැපත් කරන ආලේපන ප්‍රවර්ධනය කර නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 15 =