සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවතක් ප‍්‍රචාරය කල පුද්ගලයෙකු පැය විසිහතරක් ගතවීමටත් පෙර CID ය මගින් අත් අඩංගුවට ගනී.

0
86
- Advertisement -
Share
4 / 100

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවතක් ප‍්‍රචාරය කල පුද්ගලයෙකු පැය විසිහතරක් ගතවීමටත් පෙර
CID ය මගින් අත් අඩංගුවට ගනී.

කොරෝනා ආසාදිත පුද්ගලයකු මහ මග ඇද වැටී මිය ගිය බවට සත්‍ය නොවන ප‍්‍රවෘත්තියක් ප‍්‍රචාරය කළ බව පවසමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායනය අවසන් කරමින් නිවස බලා පැමිණෙමින් සිටි එක් පුද්ගලයෙකු අතර මගදී මිය යාමේ එක් සිදුවීමක් පසුගිය දිනක පුත්තලම ප‍්‍රදේශයෙන් වාර්තා විය.

එම එකම සිදුවීම හැරෙන්නට, එවැනි වෙනත් කිසිදු සිදුවීමක් සිදුව නැති බව වාර්තා වේ.
ඒ නමුත්, එවැනි තවත් සිදුවීම් සිදුව ඇති බවට ව්‍යාජ පුවත් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පැවති අතර, එම ව්‍යාජ පුවත් ප‍්‍රචාරය කළ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් දියත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × five =