පාස්කු ඉරු දින සිදු වූ බරපතල ව්‍යවසනයත් සමඟ මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පවරා තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම බාධාව ඉවත් කළද රටතුළ ඇති වූ තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදි වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.